මගේ පාසල ගැන

රාහුල විද්‍යාලය



රාහුල විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසලකි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
1923 මැයි මස 1 වැනි දින ශ්‍රීමත් R.A.D. ගුණවර්ධන මහා කුලතුංගයන්ගේ මෙහෙයුමෙන් “මාතර බෞද්ධ සංගමය” විසින් පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස “පරාක්‍රමබාහු විද්‍යාලය” යන නමැතිව විද්‍යාලයක් අරඹන ලදී.


රාහුල විද්‍යාලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් ඇති පාසල් වලින් එකකි. රාහුල විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත ජාතික පාසලක් වන්නේ ය. ඇති කිරීමේදී පළමුවෙන්ම ජාතික පාසල් තත්වයට පත් කරන ලද පාසල් කිහිපය අතර රාහුලය ද එකකි.
ප්‍රාථමික සහ ද්විතීයක ලෙස පාසල සතු අංශ දෙකකි. ප්‍රාථමික අංශය 1 සිට 5 ශ්‍රේණිය දක්වා රාහුලයන් හට සෙවන සදන කල්හි, ද්විතීයක අංශය 6 සිට 13 ශ්‍රේණි වල රාහුලයන් ගේ විදුපියස වන්නේය.

අතීතය

1921 දී එවකට ගාල්ල මහින්ද විද්‍යාලයාධිපති F. ගෝර්ඩන් පියර්ස්, D.T.W. රාජපක්‍ෂ රාළහාමි සහ ශ්‍රීමත් R.A.D. ගුණවර්ධන මහා කුලතුංග යන මහත්වරුන් “මාතර බෞද්ධ සංගමය” ආරම්භ කරන ලද්දාහ. 1923 වසරේ මැයි මස 1 වන දින මාතර මහ වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක මෙකී බෞද්ධ සංගමය විසින් “පරාක්‍රමබාහු විද්‍යාලය” නම් විදුහලක් ආරම්භ කරන්නට යෙදිනි. එම විද්‍යාලයේ ආදර්ශ පාඨය වූයේ “මම සැබෑ බෞද්ධයෙක් වෙමි” යන්නයි.
පරාක්‍රමබාහු විද්‍යාලයේ ප්‍රථම සිසුවා වූයේ “හේවාබෝවලගේ යසපාල” නැමැත්තා ය.
මද කලක් ඇවෑමෙන් ප්‍රදේශයේ දානපති වරයෙකු වූ C. A. ඕදිරිස් ද සිල්වා මහතා විසින් පරාක්‍රමබාහු විද්‍යාලය වෙත පරිත්‍යාග කරන්නට යෙදුනු වර්තමානයේ පුරාවිද්‍යා උරුමයක් ලෙසින් සංරක්‍ෂිත “සරම් මුදලි වලව්ව” වෙත පාසල ගෙනයන ලදී. එතැන් පටන් පරාක්‍රමබාහු විද්‍යාලය “රාහුල විද්‍යාලය” යන අභිමානවත් නමැතිව නැගී සිටින්නට යෙදිනි.

වත්මන් රාහුලය

අද දින වන විට රාහුල විද්‍යාලය, විද්‍යාලයාධිපති කිත්සිරි ලියනගමගේ මැති තුමන් විසින් මග පෙන්වන 200 කට වැඩි ගුරු මණ්ඩලයකින් නැණ ලබන 6000 කට වැඩි රාහුලයන් පිරිසකට විද්‍යාස්ථානය වන්නේ ය. ශ්‍රී ලංකා වේ ජාතික පාසල් අතුරින් ඉදිරියෙන්ම සිටින රාහුලය දිවයිනේ පාසල් අතුරින් විශිෂ්ඨතමයන්ගේ විශිෂ්ඨතමයෙක් ලෙස සැලකෙන්නේ ය. රාහුලය විසින් වාර්ෂිකව ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත රාහුලයන් රාශියක් ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය වෙත දායාද කරනු ලබයි.
රාහුල විද්‍යාලය ශ්‍රී ලංකාව තුල පමණක් නොව සමස්ත ලෝකයේ ම කිසිදා නොමැකිය හැකි සලකුණක්ව වැජඹෙයි.
රාහුලයෝ විෂය සමගාමී මතු නොව විෂය බාහිර විවිධ ක්‍ෂේත්‍රයන් තුළද අති විශිෂ්ඨ දස්කම් දක්වන්නෝ ය. “රාහුල ශිෂ්‍ය නායකයින්”, “රාහුල බාල දක්‍ෂයින්”, “රාහුල ශිෂ්‍ය භටයින්”, “රාහුල ක්‍රීඩකයින්”, “රාහුල වෙබ් කණ්ඩායම” මතු නොව සියළු රාහුලයෝ තම තම ක්‍ෂේත්‍ර තුල ඉහළට ම නැගි විශිෂ්ඨතමයෝ වන්නා හ. ඊට සමගාමීව රාහුල සෞන්දර්යය අංශය ස්වකීය දක්‍ෂතා මගින් ලක් වේදිකාව ආක්‍රමණය කරමින් සිටින්නෝ ය.
විද්‍යාලය තුල ක්‍රියාත්මක විවිධ සමිති, සමාගම් ආදී හු සිය ක්‍රියාකාරකම් ඔස්සේ නිති පතා රාහුල නාමයේ අගය අනන්තයෙන් එහා සීමාවන් කරා ගෙන යති. ඊට සමගාමීව එකී රාහුලයෝ ස්වකීය පෞරුෂ, නායකත්ව ගුණාංග වර්ධනය කරගනිමින්, ඉදිරියේදී තමන් අතින් මෙහෙයවෙනු පිණිස ඇඟිලි ගණින ලෝකය භාර ගැනීමට ස්වකීය සුදුසුකම් විශිෂ්ඨත්වයටත් අගයැති ලෙස පෙන්වති.



විද්‍යාලයීය ගීතය 

ශ්‍රී ලක නිළඹරයේ හි
තරිඳු ලෙසා වේ මනහාරා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ
ශිල්ප සතර දෙන සාරා සිසු සෑමා
ගුණ නුවණ වඩන අප මාතා
ශ්‍රී සාරා සදා ආලෝකේ
සෑම වෙසේහි පානා ශාන්ති
වේවා වේවා ශ්‍රී වේවා අප රාහුල මාතා හටා
නේ දන සෑම පසස්නා
තුති කරනා නිති ගුණ සෝභා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ //

විද්‍යාලයීය නිවාස

විද්‍යාලයීය නිවාස නාම අකාරාදී පිළිවෙලට පෙළ ගස්වා ඇත.
  • අශෝක පැහැය : රතු     
  • ගැමුණු පැහැය : නිල්     
  • පරාක්‍රම පැහැය : කහ     
  • විජය පැහැය : කොළ     

දෙනුවර සටන (Battle of Two Cities) 

රාහුල විද්‍යාලයීය වාර්ෂික ක්‍රිකට් මහ සටන පැවැත්වෙන්නේ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමගිනි. පළමු “දෙනුවර සටන” පැවතියේ ක්‍රි.ව. 2004 මාර්තු මස ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ය.
ඉරට්ටේ අංකයක් සහිත වසර වල ඇලෝසියානුවන් තරගයේ සත්කාරකත්වය උසුලන අතර, ඔත්තේ අංකයක් සහිත වසර වල සත්කාරකත්වය උසුලන්නේ රාහුලයන් විසිනි.
ඇලෝසියානුවන් සත්කාරකත්වය උසුලන විට තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ද රාහුලයන් සත්කාරකත්වය උසුලන විට තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේද පැවැත්වීම සම්ප්‍රදායය යි.


රාහුලයට ආදරය කරන අය මේකට කොමෙන්ට් දාන්න෴







 

Feedjit

Facebook Twitter RSS