මම මේ දවස් වල මගේ මේ බ්ලොග් එක ලියන එක පැත්තකින් තියලා TaLk ලන්තය කියලා බ්ලොග් එකක් ලියනවා..මේ බ්ලොග් එක කරගෙන යන්නේ මමයි , සමීර සේනාරත්න කියලා එක්කෙනෙකුයි..අපි දෙන්නා මේ දවස් වල ඉදන් දිගටම ඉතින් TaLk ලන්තෙම තමා.....ඒක නිසා මාත් එක්ක හිටිය ඔයාලට මම කියන්නේ TaLk ලන්තය බලන්න එන්න කියලා...
http://talklanthaya.blogspot.com/
මම දැන් ඔය ගොල්ලන්ව දැනුවත් කරන්න යන්නේ සාමාන්‍ය අන්තර්ජාල සබදතාවකට වඩා 100 ගුණයක් වේගයෙන් යන නව සබදතාවක් ගැන....
මෙම 1 Gbps වේගයකින් යුතු නව අන්තර්ජාල සබදතාව හදුන්වා දීලා තියෙන්නෙ Google සමාගම...මේක අත්හදා බලලා තියෙන්නේ පසුගිය 30 වැනිදා..මේකේ බාගත කිරීමේ වේගය 300 Mbps අප්ලෝඩ් ස්පීඩි එක 150 Mbps බව තමා වාර්තා වෙන්නෙ..කොහොමද මැක්සා නේ..( හික්ස් )...සුවිශේෂී කාරනය තමා අපි එදිනෙදා බාගත කරන ෆිල්ම් ඉතා ඉක්මනට බාගත කරන්න පුලුවන්ලු....කොට්න්ම කිව්වොත් 95Mb ක ෆිල්ම් එකක් තත්පර 9 කින් බාගත කරන්න පුලුවන් කියලයි Google සමාගම නම් කියන්නේ......කොහොම උනත් දියුනු වෙන මේ ලෝකයේ මෙහෙම දේවල් නොවුනොත් තමා පුදුමේ...
එහෙනම් මම ගියා....
හුග කාලෙකින් කම්පියුටර් ට්‍රික්ස් පාරක් ගැන දැන ගන්න ලැබුනා.........මේ keyboard ට්‍රික්ස් ..
Copy කරන්න
Ctrl + C
Paste කරන්න
Ctrl + V
Undo කරන්න
Ctrl + Z
යම් දෙයක් සොයාගැනීම සදහා ( Specially Inernet Browsing )
Ctrl + F
Programs කිහිපයක් එක වර විවෘතව ඇතිවිට ඒවා වේගයෙන් මාරු කිරීම
Alt + Tab
Inernet Browsing වලිදී ටැබ් අතර ඉක්මනින් මාරු වීමට
Ctrl + Tab
ලියවිල්ලක ආරම්භක තැනට මවුස් කර්සරය යැවීම
Ctrl + Home
ලියවිල්ලක අවසාන තැනට මවුස් කර්සරය යැවීම
Ctrl + End
Inernet Browsing වලිදී යම් පිටුවකින් ඉහලට යාම
Shift + Space bar
ඔය යන ගමන් ලයික් පාරකුයි, කමෙන්ට් පාරකුයි දාලා යන්න හොදේ....
හැබැයි මේ හදිසි අප්ඩේට් එකකට රැවටුනොත්....ඔයාලගේ කොම්පියුටරේ මැල්වෙයා ආසාදනයකට ලක්වෙයි කියලයි ෆයර්ෆොක්ස් බ්‍රව්සරය හදපු මහත්තුරු නම් කියන්නේ....ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා ඉන්නකොට හැර අනෙක් බ්‍රව්සර පාවිච්චි කරන කොට එන ඔය අප්ඩේට් ගැන සැලකිලිමත් වෙන්න කියලයි මම ඔය ගොල්ලන්ට කියන්නෙ.....
බැලුවා වගේ නෙමේ... වෙනදා වගේ කමෙන්ට් පාරකුත් දාලා යන්න අමතක කරන්න එපා...
මම හුගක් කාලෙකින් පෝස්ට් කෑල්ලක් ලිව්වෙ නැති හින්දා මට අද හිතුනා අපි ඔක්කොටම වැදගත් වෙන පෝස්ට් කෑල්ලක් ලියන්න.
මම හිතන්නෙ මේ පෝස්ට් එක කියවන ඔයාලත් TV බලනවා ඇතිනේ...අද වන විට තාක්ෂණය දියුනු නිසා සෑම ගෙදරකම පාහේ TV ඇතිනේ... මම දැන්නම් කියන්න යන්නේ හොද නිවිස් එකක් නම් නෙමේ...මාතෘකාවෙන්ම තේරෙනවා ඇතිනේ....
" ටීවී බලන එකෙයි දුම් බීමෙයි වෙනසක් නෑ " මෙහෙම කියන්නේ බ්‍රිස්බෙන්හි ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ජනගහන සෞඛ්‍ය පීඨයේ ආචාර්ය ලෙනෙර්ට් වීර්මන්.. මොහු මෙවැනි ප්‍රකාෂයක් කිරීමට හේතුව වන්නේ නොකඩවා පැයක් රූපවාහිනී බැලුවොත් ජීවිතයෙන් විනාඩි 22 අහිමි වෙන හින්දා.මෙහෙම බලන කොට දුම්බීමට වඩා TV බලන එක කේස් නේ..
TV බලන ඓකෙන් කන්තුකවාහිනී රෝගයෙන් කෙනෙකු මියයාමේ අවදානම සියයට අටකින් ඉහල යන බව ඕස්ට්‍රෙලියානු විද්වතුන් පිරිසක් දැනටමත් හොයිගෙන..මේ සියලු දේ සලකා බැලීමෙන් ආචාර්ය ලෙනෙර්ට් වීර්මන් පවසන්නේ නොකඩවා TV බලන අයගේ ජීවිතයෙන් අවුරුදු 5 පමන අඩුවෙන බවයි.කෙසේවෙතත් මේ නිරීක්ෂන වලින් නිගමනයකට එලබීමට පෙර තවත් පරීක්ෂණයක් කලයුතු බවයි ආචාර්ය ලෙනෙර්ට් වීර්මන් පවසන්නේ..
කොහොම උනත් මේක දැන ගත්තු වෙලාවේ මමත් උඩ ගියා....මොනවා කරන්නද .... මම මේක ඔය ගොල්ලන්ට කියන්න හිතුවේ.. ලොවෙත් ඔයාලා TV බලන හින්දා.. ඔය TV බලන එක පොඩ්ඩක් අඩුකරන්න..නිකං මොකටද ජීවිත අවදානමක් ගන්නේ නේද.....
මේක කියවලා ඔයාලගේ අදහස් කමෙන්ට් පාරක් දාන්න.මොකද මට ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා...