නොකඩවා පැයක් රූපවාහිනී බැලුවොත් ජීවිතයෙන් විනාඩි 22 අහිමි වෙයි ලු..

මම හුගක් කාලෙකින් පෝස්ට් කෑල්ලක් ලිව්වෙ නැති හින්දා මට අද හිතුනා අපි ඔක්කොටම වැදගත් වෙන පෝස්ට් කෑල්ලක් ලියන්න.
මම හිතන්නෙ මේ පෝස්ට් එක කියවන ඔයාලත් TV බලනවා ඇතිනේ...අද වන විට තාක්ෂණය දියුනු නිසා සෑම ගෙදරකම පාහේ TV ඇතිනේ... මම දැන්නම් කියන්න යන්නේ හොද නිවිස් එකක් නම් නෙමේ...මාතෘකාවෙන්ම තේරෙනවා ඇතිනේ....















" ටීවී බලන එකෙයි දුම් බීමෙයි වෙනසක් නෑ " මෙහෙම කියන්නේ බ්‍රිස්බෙන්හි ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ජනගහන සෞඛ්‍ය පීඨයේ ආචාර්ය ලෙනෙර්ට් වීර්මන්.. මොහු මෙවැනි ප්‍රකාෂයක් කිරීමට හේතුව වන්නේ නොකඩවා පැයක් රූපවාහිනී බැලුවොත් ජීවිතයෙන් විනාඩි 22 අහිමි වෙන හින්දා.මෙහෙම බලන කොට දුම්බීමට වඩා TV බලන එක කේස් නේ..

TV බලන ඓකෙන් කන්තුකවාහිනී රෝගයෙන් කෙනෙකු මියයාමේ අවදානම සියයට අටකින් ඉහල යන බව ඕස්ට්‍රෙලියානු විද්වතුන් පිරිසක් දැනටමත්  හොයිගෙන..මේ සියලු දේ සලකා බැලීමෙන් ආචාර්ය ලෙනෙර්ට් වීර්මන් පවසන්නේ නොකඩවා TV බලන අයගේ ජීවිතයෙන් අවුරුදු 5 පමන අඩුවෙන බවයි.කෙසේවෙතත් මේ නිරීක්ෂන වලින් නිගමනයකට එලබීමට පෙර තවත් පරීක්ෂණයක් කලයුතු බවයි ආචාර්ය ලෙනෙර්ට් වීර්මන් පවසන්නේ..

කොහොම උනත් මේක දැන ගත්තු වෙලාවේ මමත් උඩ ගියා....මොනවා කරන්නද .... මම මේක ඔය ගොල්ලන්ට කියන්න හිතුවේ.. ලොවෙත් ඔයාලා TV බලන හින්දා.. ඔය TV බලන එක පොඩ්ඩක් අඩුකරන්න..නිකං මොකටද ජීවිත අවදානමක් ගන්නේ නේද.....

මේක කියවලා ඔයාලගේ අදහස් කමෙන්ට් පාරක් දාන්න.මොකද මට ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා...

Feedjit

Facebook Twitter RSS